නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.
ඒ ත්‍රිවිධ හමුදා සේනාධිනායක – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
2020 ජුලි මස 15 වන දින වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී ආරම්භ කළ නිශාන්ත උළුගේතැන්න මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු සම්මාන ආචාර මුරයක් පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත අද පිළිගනු ලැබුවා.
1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්ව නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් අනභිභවනීය සේවයක් ඉටු කළ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වසර 37 කට අධික නාවික හමුදා සේවයෙන් හෙට දින විශ්‍රාම යාමට නියමිතයි.