දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියා.
ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය මගින් නායගිය මාර්ගය වෙනුවට අලුතින් මාර්ගයක් කපා එම මාර්ගය කොන්ක්‍රීට් ගල් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාරදී තිබෙනවා.
එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමට පසුගියදා අමාත්‍ය බිමල් රත්නායක මහතාද සංචාරයක නියැලී එම මාර්ගය කඩිනමින් රථ වාහන ගමනාගමනයට විවෘත කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලදාරීන්ගෙන් කළ ඉල්ලීමක් අනුව එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනම් කර තිබෙනවා.
නාවලපිටිය ප්‍රදේශයට පවතින යහපත් කාලගුණ තත්ත්වයත් සමග එම මාර්ගය හෙට(14) දින සිට සැහැල්ලු වාහන සඳහා පමණක් රථ වාහන ගමනාගමනයට විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේ.













