පැවති වර්ෂාධික තත්ත්වයත් සමග මස්කෙළිය, මරේ තේ වතුයායේ, ගැඩස් කොටසේ ප්‍රදේශයක භූ පැලුම් ලක්ෂණ හටගෙන ඇති නිසා බෑවුමේ පිහිටි වතු නිවාසවල පදිංචි පවුල් 71 ක සාමාජිකයින් 311 දෙනෙක් නෝර්වූඩ් ප්‍රාදේශිය ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඊයේ(08) එම ස්ථානයෙන් ඉවත් කළ බව නල්ලතන්නිය ග්‍රාම නිලධාරිණී ඩබ්.එම්. සිසිකුමාරි මහත්මිය පවසනවා.
අඩි 25 ක පමණ දුර ප්‍රමාණයක මෙම භූ පැළුම ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතය දැනුම්වත් කර ඇති බවත් ග්‍රාම නිලධාරිනිය කියා සිටියා.
අවතුන්වූවන් දැනට නල්ලතන්නිය, මුල්ගම දෙමළ විද්‍යාලයේ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින බවත්, ඒ අතර පාසල් ළමයින් 129 ක් හා විශේෂ අවශ්‍යතා සහිත එක් පුද්ගලයෙක් සිටින බවත් සිසිකුමාරි මහත්මිය වැඩිදුරටත් සඳහන් කරනවා.
අවතැන්වූවන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා අංශය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නල්ලතන්නිය ග්‍රාම නිලධාරිණී ආර්.එම්. සිසිකුමාරි මහත්මිය වැඩිදුරටත් පවසනවා.










