දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
අදියර 01 යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අඟලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙන අතර,
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ඇහැළියගොඩ, නිවිතිගල, කුරුවිට, ඇළපාත සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා.