පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ පස්වරු 5.00 සිට මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.
ඒ අනුව අනතුරු ඇඟවීම් මට්ටම 1 ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව , ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර යන ප්‍රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රඹුක්කන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ අලව්ව මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල සහ අඹන්ගඟ කෝරළය , මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම යන ප්‍රදේශවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














