ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් පනවන ලද නඩුවේ පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණය ජුනි මස 27 වැනි දින ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ දින නියම කළ අතර නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද අධිකරණයේ පෙනී සිටියා.