නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වඩා බර වාහන ධාවනය කිරීම තහනම් කර තිබියදීත් ටොන් 5ට වඩා බර මගී ප්‍රවාහන බස් රථ සහ ටිපර් රථ එම මාර්ගයේ රහසිගතව යළිත් ධාවනය කරවන බව එම මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහනවල රියදුන් පවසනවා.
අධික කන්දක් බෑවුමක් සහිත එම මාර්ගයේ ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථ සහ ලොරි රථ ගණනාවක් අනතුරුවලට ලක්වීම නිසා එම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනයට පමණක් අවසර ලබාදී තිබියදී යළිත් එම මාර්ගයේ ටොන් පහට වැඩි බර වාහන නානුඔය පොලිසියට හසු නොවී ධාවනය කරවන බවයි එම මාර්ගයේ වාහන ධාවනය කරන රියදුරන් පවසන්නේ.
අද(19) දින එම මාර්ගයේ ටොන් පහට වැඩි බර ටිපර් රථයක් ධාවනය කරවන අයුරු කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්.















