න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව සිදුකරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසනවා.
න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව සිදුකෙරුණද තම න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලෝක බලවතුන් සමග සාකච්ජා පැවැත්වීමට සූදානම් බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි සඳහන් කරන්නේ.
පොක්ස් පුවත්සේවය සමග සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ඇමරිකා හා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් තම න්‍යෂ්ටික මධ්‍යස්ථානයන්ට බරපතල හානි සිදුවූ බව පිළිගන්නා බවත් එබැවින් න්‍යෂ්ටික බලගැන්වීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් ඔහු එහිදී තවදුරටත් පෙන්වා දුන්නා.