පාකිස්තානය වැනි ත්‍රස්තවාදය ඔඩුදුවා ඇති රටකට න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් නැතැයි ඉන්දියාව පවසනවා.
ඒ හේතුවෙන් එම අවි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය වෙත පැවරිය යුතු යැයි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං වැඩිදුරටත් පවසා තිබෙනවා.
පෙහෙල්ගාම් සංචාරක කලාපයේ සංචාරකයින් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මුල් කරගෙන පසුගියදා පාකිස්තානය සහ ඉන්දියාව අතර යුදමය වාතාවරණයක් නිර්මාණය වුනා.
කෙසේ නමුත් අමෙරිකාවේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය අතර තාවකාලික සටන් විරාමයක් ඇති කරගත්තේ දෙරටේ ජනතාවට යම් සහනයක් උදාකරමින්