නව සීමා නීර්ණ වාර්තාව අද අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී තිබෙනවා. සීමා නීර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්රිය මහතා විසින් එය භාරදුන් බවයි අග්රාමාත්ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
දැනට සිටින 8,000 කට අධික පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් සංඛාව අඩකින් අඩු කිරීම එම කමිටුවේ සැලැස්ම වී තිබෙනවා.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස් වුණා. එම කොමිසම සදහන් කළේ මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න පිළිබදව අද දිනයේ තීරණයක් ගනු ඇති බවයි.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අග්රාමාත්ය කාර්යාලයේදී ඊයේ පැවත් වුණා.