විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ වන විට දින 42 ක කාලයක සිට එම තනතුර පුරප්පාඩුව පවතිනවා.
කෙසේ වෙතත් පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී චන්දන මහතාගේ නම නිර්දේශ කර තිබූ බවයි වාර්තා වන්නේ.
එහිදී අදාළ නිර්දේශය සම්බන්ධයෙන් ඊයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීද එකඟතාව පළ වූයේ නැහැ.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්ව ඇත්තේ ඒ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහායි.
එහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නමට පක්ෂව ඡන්ද තුනක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද පහක් හිමිව තිබුණා.
එහිදී එක් සාමාජිකයෙකු පමණක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිට තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














