වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා පත් කර තිබෙනවා .
එමෙන්ම, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශේණියේ නිලධාරිනියක් වන ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය පත් කර ඇති බවයි සඳහන් වන්නේ .
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත භාර දී තිබෙනවා .
ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල මහතා මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රමසම්පාදන ලෙස කටයුතු කළ අතර, ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කර තිබෙනවා .
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














