නව රජයට යහපත් ලෙස ජනතා වාදිව කටයුතු කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කැප කිරීම අත්‍යවශ්‍ය බවත් ඉදිරියේදී ජනතාව මෙන්ම සිවිල් සංවිධාන රාජ්‍ය සේවය පිළිබඳව අවධානයෙන් සිටින බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කරති
එමෙන්ම කිරි කළයට ගොම බිංදු කිහිපයක් එකතු වුනා සේ මෙම රජයටද කිහිප දෙනෙකු එක්වී සිටින බවත් ඉදිරියේ දී එම ගොම බින්දු ඉවත්කර දැමීමට කාලය එළඹ තිබෙන බව උන්වහන්සේලා අවධාරණය කිරීම විශේෂත්වයකි
ජයග්‍රහණයේ සතුටි මුළු මහත් සංඝයා වහන්සේලාට මෙන්ම සෑම ආගමික නායකයන්ට සමස්ථ ජනතාවට සිවිල් සංවිධාන වලට හිමි වන බවත් සැමට ස්තුතියි පිරිනමන බවද ජාතික ජන බලවේගයට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණ පවසති
ජාතික භික්ෂු පෙරමුණ නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා 19 දින පෙරවරුවේ දඹුල්ල රංගිරිපාය විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කරන්නට වූහ.