රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී නීතිය මගින් අපයෝජන වැඩිවීමේ අවධානමක් පවතින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.
මෙම නව පනත් කෙටුම්පත තුළ එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥයින් විසින් නියම කර ඇති නිර්දේශ ඇතුළත් නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ .
එමෙන්ම එය ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ලබාදුන් මානව හිමිකම් ආරක්ෂා කිරීම්වලට අනුකූල නොවන බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.
වත්මන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී ක්‍රියාවන් අහෝසි කිරීම සහ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම සඳහා ප්‍රතිඥා ලබාදී ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
වත්මන් පනත් කෙටුම්පතට ත්‍රස්තවාදය පිළිබද පුළුල් හා නොපැහැදිලි අර්ථ දැක්වීමක් ඇතුළත් කිරීම පිළිබදවද අදාළ නිවේදනය මගින් විමසා තිබෙනවා .
හියුමන් රයිට්ස් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඊට ත්‍රස්තවාදයක් නොවන අපරාධ ඇතුළත් වන බැවින් දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කිරීමක් ලෙස අර්ථ දැක්වීමක් සිදුකළ හැකි බවයි.










