ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු හිස්වූ එම ධුරය සඳහා මීළඟ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ රහස් සමුලුව පිළිබද දිව්‍ය පූජාව අද පස්වරුවේ ආරම්භ වී තිබෙනවා.
ඒ ශාන්ත පීතර බැසිලිකාවේදීයි.
ඒ අනුව, නව පාප්වහන්සේ තෝරන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ද රෝමයේදී ආරම්භ වූ බව විදෙස් වාර්තාවල සදහන් වනවා.
මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන් ගණන 133ක්.