ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස ඒකක 182ක් සඳහා මූල්‍ය ආධාර ලබාදීම මේ වනවිට සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
ඒ 2025 ජාතික නිවාස සංවර්ධන සැලසුම යටතේයි.
මෙම ප්‍රතිලාභීන් අතරින් 150 දෙනෙකුට අදාළ මූල්‍ය ආධාර චෙක්පත් ලබාදීම හෙට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍යය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී සිදු කිරිමට නියමිතයි.