Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කළ සාර්ථක ගොවි මහතුන් දෙදෙනෙක් ජනපති හමුවෙයි

    නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කළ සාර්ථක ගොවි මහතුන් දෙදෙනෙක් ජනපති හමුවෙයි

    2024-03-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු වු බන්දුල මුණසිංහ මහතා සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන4ක ආදායමක් ඉපැයූ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන තරුණ ගොවි මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
    සිය අස්වැන්නෙන් කොටසක් රැගෙන මෙලෙස ජනාධිපතිවරයා හමුවූ මෙම තරුණ ගොවි මහතුන් තමන්ට සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට මඟ පෙන්වමින් රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.
    බන්දුල මුණසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් හඳුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කරමින් අක්කර භාගයක මෙම මිරිස් වගාව සිදු කර තිබේ.
    සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වුවත් මෙම අධි ඝණත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000ක් දක්වා ඉහළ ගොස් ඇත. එම නිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නැංවීමට මෙම නව ක්‍රමය යටතේ හැකිවූ බව ඒ මහතා සඳහන් කළේය.
    අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන ගොවි මහතා 39 හැවිරිදි දෙදරු පියෙකි.
    නවීන තාක්ෂණය යොදා ගනිමින් අක්කරයක සිදු කළ කොමඩු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් කොමඩු කිලෝ එකක් රුපියල් එකසිය අසුවක පමණ මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායම ලබා ගැනීමට හැකි වූ බවත් ඒ මහතා මහතා සඳහන් කළේය.
    රට තුළ කෘෂිකර්මාන්තයේ විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී මෙවන් තරුණ ගොවි මහතුන් මහඟු ආදර්ශයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ මෙහෙවර අගයමින් සිහිවටන තිළිණ ද පිළිගැන්වීය.
    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    ආශ්‍රීත පුවත්:  දිවුලපිටියත් ජලයෙන් යටවෙයි. විපතට පත් වුවන්ට පොලිසියෙන් ආහාර (වීඩියෝ)

    Sri Lanka
    පෙර පුව​තජස්මින් ලීඩර් හම්බන්තොටට
    ඊළඟ පුව​ත රෝහල් දෙකක සංවර්ධන ව්‍යාපෘති සුව සේවාවට එක්වේ

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    2026-03-10
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group