නව ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් කරන ලද මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ මහතා නව ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළා.
ඒ ඊයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී
මේජර් ජෙනරල් නියංගොඩ මහතා ඊයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන තිබුනා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වශයෙන් වසර 35කට අධික සුවිශේෂී සේවාවක් සිදු කළ මේජර් ජෙනරල් නියංගොඩ මහතා ,පරිපුර්ණ හා සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වනවා.
ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් අභියෝගාත්මක හා මූලික තනතුරු රාශියක රාජකාරි සිදු කොට ඇති බවටයි සදහන් වන්නේ.













