වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයක් අත්පත් කරගනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.
එහි කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කළා.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක පසුරා ගැනීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, තිරසාර පාර්ශවකරුවෙකු ලෙස තවදුරටත් සහය ලබා දෙන බව ද ක්රිස්යටලීනා ජෝර්ජියේවා මහත්මිය සිය නිවේදනයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.