යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද පැවැත්වෙනවා. විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
පසුගිය 22 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනා වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද දිනයේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබු අතර එම පනත් කෙටුම්පත සම්බන්ධ තාක්ෂණික කාරණු හේතුවෙන් එය ඉදිරි දිනකදී විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී ඇත්තේ.