නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුනා.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත පරිපාලන නිලධාරීන්, සියලු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු, ගුරු මධ්‍යස්ථානවල සේවයෙන් නිරත ගුරු අධ්‍යාපනඥයින්, සියලු ප්‍රාදේශීය ඉන්ජිනේරුවරුන් එක්ව තිබෙනවා.