ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබි්‍රයෙල් අයිසැක් මහත්මිය ද මෙම හමුවට සහභාගීවී සිටියා.
සාකච්ඡාව අතරතුර, කථානායකවරයා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.
කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම, ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු බහුවිධ අංශවල සහයෝගීතාවය වර්ධනය සඳහා අවස්ථා පවතින බව ද ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ධාරිතා වර්ධනය සහ තාක්ෂණික දියුණුව සඳහා නවසීලන්තයේ සහයෝගය ලබා ගැනීමේ වැදගත්කම කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
දූෂණය තුරන් කිරීම සහ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහයන් මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














