ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබි්‍රයෙල් අයිසැක් මහත්මිය ද මෙම හමුවට සහභාගීවී සිටියා.
සාකච්ඡාව අතරතුර, කථානායකවරයා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.
කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම, ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු බහුවිධ අංශවල සහයෝගීතාවය වර්ධනය සඳහා අවස්ථා පවතින බව ද ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ධාරිතා වර්ධනය සහ තාක්ෂණික දියුණුව සඳහා නවසීලන්තයේ සහයෝගය ලබා ගැනීමේ වැදගත්කම කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
දූෂණය තුරන් කිරීම සහ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහයන් මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ
- අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්










