නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා 2025 මැයි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම චාරිකාව අතරතුර, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඔහු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, එම සාකච්ඡාවේදී වෙළෙඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි.
මෙම සංචාරය අතරතුර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා පෞද්ගලික අංශයේ සහ ජනමාධ්‍ය කටයුතු කිහිපයකට ද සහභාගී වනවා.