ඇමරිකාවේ විශාලතම නගරය වන නවයෝර්ක් නගරයේ නව නගරාධිපතිවරයා ලෙස 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරී පත්ව තිබේ.
ඇමරිකානු ඩෙමොක්‍රැටික් පක්ෂය නියෝජනය කළ මම්දානි, ඊයේ පැවැති ඡන්ද විමසීමේදී හිටපු ආණ්ඩුකාරවරයෙකු වන ස්වාධීන අපේක්ෂක ඇන්ඩෘ කූමෝ පරාජය කරමින් ජයග්‍රහණය කළා.
මෙය නවයෝර්ක් නගරයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා ලෙස මම්දානිට ඉතිහාසගත තත්ත්වයක් ලබාදෙයි.ඉන්දු–ඇමරිකානු පසුබැසීමකින් පැමිණි මම්දානි, ප්‍රසිද්ධ ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරියක් වන මීරා නායර්ගේ පුත්‍රයා ලෙසත් හැඳින්වේ.
මේ අතර, මම්දානි තේරී පත්වූහොත් නවයෝර්ක් නගරයට ලබාදෙන රාජ්‍ය අරමුදල් සීමා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙර අවවාද කර තිබුණා.











