ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක මගීන් දෙදෙනෙක් ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තවත් මගියෙකු බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම තුවාලකරුගේ තත්ත්වය බරපතල හේතුවෙන් දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
අද(20) උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදීයි.
ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයේ රියදුරුට විවේක ගැනීම සඳහා බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ නතර කළ අවස්ථාවේ බස් රථයේ ගම්න ගත් මගීන් දෙදෙනෙකුද බස් රථයේ පසුපස දොරෙන් ප්‍රධාන මාර්ගයට බසින අවස්ථාවේ නාත්තන්ඩියේ සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් රා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
මියගිය මගියා සහ තුවාල ලැබූ අනෙක් මිගයා ලිඳුල මෙරායා වත්තේ පදිංචිකරුවන් බවත්, එමම මගීන් දෙදෙනා කොළම යාම සඳහා ලිඳුල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වී ඇති බවත් දිඹුල පොලිසියේ නිලධාරියෙක් කියා සිටියා.
අනතුරින් මියගොස් ඇත්තේ ලිඳුල මෙරායා ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් නමැති 25 හැවිරිදි තරුණයෙකි.













