පසුගිය 13 වනදා සිට අයහපත් කාලගුණය හේතුවෙන් මගී ප්‍රවාහන කටයුතු නවතා දමා තිබු, කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබෙනවා.
2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට සුබම් සමාගමට අයත් සිවගංගෙයි නම් නෞකාව විසින් සෙනසුරාදා දිනය හැර අනෙක් සෑම දිනයකදීම මෙම මගී ප්‍රවාහන කටයුතු සිදු කර තිබුණු අතර පසුගිය 13 වනදා තමිල්නාඩුවේ සිට මෙරටට 95 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවත් 108 දෙනෙකු කන්කසන්තුරේ සිට තමිල්නාඩුවට ගොස් තිබෙන බවත් වාර්තා වනවා.