නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ පැතුම් නිස්සංක 06වන ස්ථානයේ සිට 05වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි.
එමෙන්ම මෙම ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස්ද 18වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.
මේ අතර මෙම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3ක් ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත්ව ඇති අතර ඒ අනුව ඔහුට මෙම නවතම ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 20වන ස්ථානයයි.
කෙසේ වෙතත් මෙහි 03වන ස්ථානය හිමි කරගෙන සිටි වනිඳු හසරංග 06වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.












