නවක වධය දරාගත නොහැකිව වවකට පැන සිය දිවි නසා ගැනීමට තැත් කළ සිසුවියක් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් බේරාගෙන තිබෙනවා.
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් මෙලෙස කාර්මික විද්‍යාලය ආසන්නයේ තිබෙන වැවකට පැන සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙක් සහ සිසුවියක් අත්අඩංගුවට ගැනුණු බව කුලියාපිටිය පොලිසිය පවසනවා.
අදාළ සිසුවිය වැවට පැනීම දුටු ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ඇයගේ ජීවිතය බේරාගෙන ඇති අතර ප්‍රදේශවාසීන් සිසුවියගේ දිවි බේරා ගන්නා ආකාරය පුද්ගලයෙකු විසින් රූගත කර තිබුණා.
එලෙස බේරා ගනු ලැබූ සිසුවිය කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් අරංචි පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පොලිසිය විසින් සිසුවියගේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
එහිදී ඇය පවසා ඇත්තේ කාර්මික විද්‍යාලයේදී ලබාදෙන නවකවධය දරාගත නොහැකි බවයි.
තවත් අයෙකුට පැවසිය නොහැකි ආකාරයේ වධහිංසනයන්ට තමන් මුහුණ දුන් බවද සිසුවිය පොලිසිය හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් කුලිපිටිය කාර්මික විද්‍යාලයේ විදුහල්පතිවරයා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කාර්මික විද්‍යාලය මට්ටමින්ද විමර්ශනයක් ආරම්භ කරන බවයි.
අත්අඩංගුවට ගැනුණු සිසුන් තිදෙනා සහ සිසුවිය හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.