මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මන්තශලාවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
අද අලුයම 1ට පමණ ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ
තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් ගින්න තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කාමරය තෙක් පැතිරී ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් ඇසුරුම් කරන ලද නිමි තේ කුඩුද විශාල වශයෙන් විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් පැතිර යමින් තිබු ගින්න වතුයායේ වතු කම්කරුවන් එක්ව පාලනය කර තිබුනා.
මෙම ගින්න වතු පාලනාධිකාරිය විසින් සැලසුම් කර සිදු කර ඇති බවටයි වතු කම්කරුවන් චෝදනා කර සිටියේ.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.