නයිජිරියාවේ බෝට්ටුවක් පෙරළී අවම වශයෙන් 60 දෙනෙකුවත් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ නයිජිරියාවේ නයිජර් ප්‍රාන්තයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මගීන් 100කට වැඩි පිරිසක් රැගත් බෝට්ටුවක් බවයි.
මගීන් රැසක් බේරා ගත්ත ද විශාල පිරිසක් මිය ගොස් ඇති බව එම වාර්තා වල සදහන්.
මගීන් අධික ලෙස පැටවු බෝට්ටුව ජලයෙන් යටවු ගසක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.
මිය ගිය අයගෙන් වැඩි පිරිස කාන්තාවන් සහ ළමයින් බවයි වාර්තා වන්නේ.
මාර්තු සිට ඔක්තෝබර් දක්වා නයිජිරියාවේ වැසි සමය තුළ බෝට්ටු අනතුරු වැඩි වශයෙන් සිදුවනවා.
අධික ලෙස මගීන් රැගෙන යාම හා නිසි නඩත්තුවක් නොමැති වීම මෙම අනතුරුවලට වැඩි වශයෙන් හේතුවී තිබෙනවා.