නයිජීරියානු මහ මැතිවරණය අද පැවැත්වෙනවා.
මැතිවරණයට එක්වන දේශපාලන අපේක්ෂකයෙකු ඩොලර් ලක්ෂ 05ක් සමග අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කළා.
චින්වෙරේ ඉග්වේ නම් අපේක්ෂකයායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහුගේ මෝටර් රථයේ තිබී මෙම මුදල් සොයාගෙන තිබෙනවා.
මුදල් වැයකොට ඡන්ද දායකයින් මිලදී ගැනීම නයිජීරියාවේ මැතිවරණවලදී දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.