හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුර වූ ඒ ගුණතිලක මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(18) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒම හතා 63 වන වියේ පසුවූවා.
ජනතා විමුක්ති පෙරමුනේ මුල්කාලීන සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක මහතා වරක් එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූවා.
එසේම ජනතා විමුක්ති පෙරමුණ නියේජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ගුණතිලක මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද දරා තිබෙනවා.
පසුකාලීන ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ නන්දන ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සබාවේ නගරාධිපති ධුරයටද පත්වූවා.













