එක්දින ධීවර යාත්රාවක් අද උදැසන වස්කඩුව මුහුදේදී අනතුරට ලක්වී තිබෙනවා.
එහිදී තිදරු පියෙකු අතුරුදන්ව තවත් දෙදෙනකු දිවි ගලවා ගත් බවයි කළුතර උතුර පොලිසිය පවසන්නේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර උතුර , විලේගොඩ රෝසවත්ත ප්රදේශයේ පදිංචි 35 හැව්රිදි තිදරු පියෙක්.
මෙම පුද්ගලයා තවත් දෙදෙනකු සමග උදැසන 6.30 ට පමණ කුඩා වස්කඩුව ප්රදේශයෙන් ධීවර කටයුතු සදහා මුහුදු ගොස් තිබුණා.
එහිදී එන්ජිමේ කාර්මික දෝෂයකට ලක්වී බෝට්ටුව පෙරලී ඇති අතර ඔවුන් දිවි බේරා ගැනීමට බෝට්ටුවේ එල්ලී සිටියත් දිය පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
දිවි ගලවාගත් දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවයි රෝහල් ප්රකාශකයෙක් පැවසුවේ.