ධීවරයෙකු අද අලුයම ඇති වූ සැඩ සුළඟට හසු වී අනතුරන් වී තිබෙනවා.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසා සිටියේ, අනතුරට ලක් වූ යාත්‍රාවේ ධීවරයන් 6 දෙනෙකු සිටි බවයි.
එම යාත්‍රාව ඉකුත් 15වනදා මුහුදුගොස් අද නැවත ගොඩබිමට පැමිණීමේදී බේරුවල මුහුද ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.