ධීවරයින් සහ තේ වගාකරුවන් සදහා සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම තිබෙනවා.
ඒ අනුව ධීවරයි සදහා ඩීසල් සහ භූමිතෙල් සදහා රුපියල් 25ක සහනාධාරයක් හිමිවනු ඇති.
එමෙන්ම තේ වගාකරුවන් සදහා රුපියල් 4000ක පොහොර සහනාධාරයක් ලබා දීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
මෙම සහනාධාර අද සිට ක්රියාත්මක වන පරිදි ලබා දීමට නියමිතයි.