ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා.
ඒ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින්.
ධීවරයින්ගේ ක්‍රය ශක්තිය අනුව ඔවුන්ගේ අභිමතය මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබීම මෙහි ඇති විශේෂත්වය වනවා..
ඒ අනුව නව ධිවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ, ධීවරයින්ගේ ක්‍රය ශක්තිය හා කැමැත්ත අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවීමට අවස්ථාව හිමි වනු ඇති.
එහිදී රු 5,000, රු 10,000, රු 15,000, රු 20,000, රු 25,000 හෝ ඊට වැඩි වශයෙන් ඕනෑම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායකවීමේ හැකියාව ධීවරයින්ට පවතිනවා.
මෙම යෝජනා ක්‍රමය යටතේ තවත් විශේෂත්වයක් වන්නේ වයස අවුරුදු 60න් පසුව එළැඹෙන එක් එක් වයස් සීමාවන් තුළ විශ්‍රාම වැටුප් වැඩිවීමයි.
එනම් මාසිකව රු 1,000 විශ්‍රාම වැටුපකට දායක වුවහොත් වයස අවුරුදු 64 – 70 දක්වා 1,250 විශ්‍රාම වැටුපක්ද වයස අවුරුදු 71 – 77 දක්වා රු 2,000 හා අවුරුදු 78න් පසුව රු 5,000ක විශ්‍රාම වැටුපක් ලබාගැනීමට හැකියාව පවතිනවා.
මීට අමතරව නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීමෙන් ජීවිත රක්ෂණ ප්‍රතිලාභයක් ලැබීම, විශ්‍රාම වැටුප්ලාභියා මියගිය විට දී විශ්‍රාම වැටුප කාලාත්‍රයාට ලැබීම වැනි ප්‍රතිලාභ රැසක් හිමිවන බවද එම මණ්ඩලය අවධාරණය කරනවා.













