අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු රණතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව ඔහු මෙලෙස ඇප මත නිදහස් කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එසේම මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබෙනවා.











