කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව අද දින සිඩ්නි අධිකරයේදි නැවත කැඳවීමට නියමිතයි.
29 හැවිරිදි තරුණියක් ගොනු කළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළව ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 6 වන දා අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව පැවති නඩු විභාගවලදී ධනුෂ්කට එරෙහිව ගොනු කර තිබූ ලිංගික අපයෝජන චෝදනා 4 න් 3 ක් ඉවත් කර ගැනීමට ඕස්ටේ්රලියානු පොලිසිය කටයුතු කරනු ලැබුවා.
පසුගිය වසරේ ඕස්ටේ්රලියාවේ පැවැත්වුණු 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී අදාළ කාන්තාවට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි මෙලෙස චෝදනා එල්ල වුණේ.