පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා කරුණු රැසක් අද(16) අනාවරණ කර තිබෙනවා.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය සිකුරාදා (14) මෙම සලකුණු නිර්මාණය කර ගල්කිස්සේ පිහිටි ස්ථානය වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් දොළවත්ත මහතා කියා සිටියේ එම ආයතනයේ හිමිකරු ජාතික ජන බලවේගයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකරුවෙක් බවයි.
එසේම මෙම සැකකරු මීට පෙරද කූඨ ලේඛන සකසා වරදකරුවෙක් වූ පුද්ගලයෙක් බවයි පොලිසියද පවසන්නේ.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.
“දෙහිවල ගල්කිස්ස සංවිධායක තමයි ටෝනි මොහොමඩ් . ඔහු නැවත වතාවක් එන්.පී.පී. මාලිමා සුසංයෝගයෙන් හෙරොයින්, අයිස්වල සහසම්බන්ධය තීව්‍ර කරමින් සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට අරන්.
දෙහිවල ගල්කිස්ස සංවිධායක ධුරය දරපු කෙනා එන්.පී.පී. එකේ නෙමෙයි කියලා කියන්න විදිහක් නෑ.
හැබැයි එන්.පී.පී. සහ ජේ.වී.පී. එකෙන් අයින් කරලා ප්‍රකාශයක් කරයිද දන්නේ නෑ.
පොහොට්ටුවට, නාමල් රාජපක්ෂට ඇඟල්ල දිගු කළේ.
අද අවාසනාවන්ත ලෙස ඒක පාරාවළලක් වෙලා තමන්ගේම ඇඟට කඩන් වැටිලා.













