මෙරට දේශීය ණය බැදුම්කර සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දේශීය ස්වෛරීත්ව බැඳුම්කරු හිමියන් අපේක්ෂාවෙන් සිටින බව බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා.
අමෙරිකානු ඩොලර් බිලියන 70ක් පමණ සමස්ථ ණයවලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් දේශීය බැදුම්කර සතුව පවතින බවටයි එහි සඳහන් වන්නේ.
ලක් රජය සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ නිල සාකච්ඡාවලට එළඹීමට පෙර දේශීය බැඳුම්කර පිළිබඳ ස්ථාවරය මෙම විදේශ ආයෝජකයින් අපේක්ෂා කරනු ඇති බවද සඳහන්.
එමෙන්ම දේශීය බැදුම්කර කළමනාකරණයේදී තමන්ට ලැබිය යුතු ණය ගෙවීම් අවදානමට ලක් වන්නේ යැයි ස්වෛරීත්ව බැදුම්කර හිමියන්ගේ අදහස වන බවත් බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.