දේශීය ටින් මාළු කර්මාන්තශාලා 06 කට කිසිදු ප්‍රමිති සහතිකයක් නොමැති බවට අනාවරණ වුනා.
මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව තුළ දේශීය ටින් මාළු සඳහා පවතින ඉල්ලුම පහළ බැස ඇති බවත් ටින් මාළු කර්මාන්තයේ නියැලෙන කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් පෙන්වා දෙනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කනවා තිබු හමුවකට එක්වෙමින්.
පාර්ලිමේන්තු මන්ත්රී හා හිටපු ධීවර රාජ්ය අමාත්යා දිලිප් වෙආරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා.
දේශීය ටින් මාළු කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙහි දී තවදුරත් පෙන්වා දෙනු ලැබුවේ රට තුළ ක්‍රියාත්මක ටින්මාළු කර්මාන්තශාලා 22න් 04ක් ප්‍රමිති සහතිකය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි.
ඒ අනුව දේශීය ටින් මාළු කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ නිසි නියාමනයක් අවශ්‍ය බවයි ඔවුන් අමාත්‍යවරුන්ගේ අවධානයට යොමු කළේ .
උණුසුම් පුවත්
- හිටපු මන්ත්රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට











