පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරි මහ මැතිවරණයට ස්ථිරවම තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ගවලින් පැවසේ.
ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග වදිනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වාසි සහගත එකක් හෙයින් එම දිස්ත්‍රික්කය මෙසේ තෝරාගෙන ඇති බව දැන ගන්නට තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපන යෝජනාව පාර්ලිමේන්තුවේදී ලබන 5 වැනිදා සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු එම ධුරයෙන් නෙරපා හැරෙනු ඇති.
මේ අතර පොලිස්පතිවරයා ධුරයෙන් නෙරපා හරිනු ලැබුවහොත් විශ්‍රාම වැටුප් හෝ වෙනත් වරප්‍රසාද අහිමිවන බව මැති සභා කමිටු වාර්තාවේ කිසිම තැනක සඳහන් නොවන හෙයින් එම පහසුකම් අහිමි කරනවාද නැත්ද යන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව පසුව තීරණය කළ යුතු බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ.
උපුටා ගැනීම : ඉරිදා ලංකාදීප පුවත්පත