දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමේ වගකීම දිවි හිමියෙන් ඉටුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ශ්‍රී ලංකාව ස්වභාවික සම්පතින් අනූන, සශ්‍රික රටක් වුවද පෙර පාලකයන්ගේ සැලැස්මකින් තොර ක්‍රියාකලාපයන් හේතුවෙන් රටට සංවර්ධනය අහිමි වූ බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
වත්මන් රජය ක්‍රමිකව සහ ස්ථාවරව රටේ ජාතික ආර්ථිකය ගොඩනගමින් සිටින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ උත්සයට එක් වෙමින්.
පූජ්‍ය කාගම සිරිනන්ද හිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තමා කිසිවිටෙක තනතුරු, තනාන්තර බලා කටයුතු නොකරන බවත් ජනතාවගේ දුක සැබෑ ලෙසම අත්දුටු සහ අත්විඳි නායකයෙකු ලෙස සියලු පොදු ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනගන බවයි.