මෙරට දේශපාලනය තුළ කාන්තාවන්ගේ සක්රීය දායකත්වය ඉහළ නැංවීම සඳහා සියලුදෙනා සතුව වගකීමක් ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා පවසන්නේ දේශපාලන පක්ෂවල පාලක මණ්ඩල සඳහා ද කාන්තා නියෝජනයේ ඉහළ ප්රතිශතයක් පැවතිය යුතු බවයි.
කාන්තා හිංසනය පිටුදැකීම සහ කාන්තාවන්ගේ ආරක්ෂාව බලගැන්වීම උදෙසා ඩීපී එඩියුකේෂන් ආයතනය මගින් ග්ලෝබල් ගෙස්ටර්ස් මූමන්ට් වැඩසහටන හඳුන්වාදීම ඊයේ සිදු කෙරුනා.
එහිදී අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ.