ලෝකයේම අවධානය දිනාගත් වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුලුවෙන් යළිත් කළු දුමාරයක් නිකුත්ව තිබෙනවා.
එයින් ඇඟවෙන්නේ තවමත් නව පාප් වහන්සේ නමක් තේරී පත් වී නොමැති බවයි.
එමෙන්ම ඊයේ ද එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් මෙසේ නිකුත් වූයේ කළු දුමාරයක්.
මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ ආරම්භ වුණා.
ඒ අනුව ඊයේ වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව පාප් වහන්සේ තෝරන ඡන්ද විමසීම පැවැත්වෙන දේවස්ථානය තුළ කාදිනල්වරු 133 දෙනා රැඳී සිටිමින් රහස් ඡන්දය භාවිත කළා.
ඒ නව පාප් වහන්සේ කෙනකු තෝරා පත් කරගන්නා තෙක් ඔවුන් මුළුමනින්ම ලෝකයාගෙන් වෙන් කරනු ලබන්නේ ඔවුන්ගේ ඡන්දයට බාහිර ලෝකයෙන් කිසිදු බලපෑමක් නොවීමටයි.
ඒ අනුව තවමත් නව පාප් වහන්සේ කෙනෙකු තෝරාපත්කරගෙන නොමැති බව තහවුරු වනවා.