දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ දෙහිවල මුහුදුබඩ මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) පිහිටි අවන්හලක් වෙත ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාළ අවන්හලේ හිමිකරු වෙත වෙඩි තබා පළාගොස් ඇති බවයි.
අදාළ වෙඩික්කරුවන් අවන්හල වෙත අද(09) පස්වරුවේ පැමිණ එහි මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඉන් අනතුරුව එහි හිමිකරුට වෙඩි දෙකක් තබා ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදී තුවාල ලැබූ අවන්හල් හිමිකරු සේවකයන් විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් තුවාලකරුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි තැබීම කුමන කාරණයක් මත සිදුව ඇතිද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන දෙහිවල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.













