ජුලි මස 18 වැනිදා දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීමේ සිද්ධිය සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවටයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ ගල්කිස්ස සීවලී පාර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
එසේම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් කඩු 5ක් සහ කිනිස්සක්ද සොයාගෙන ඇති බවද පොලිසිය පවසනවා.