කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායම දිනා ගත් අතර පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණියා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්වාර 45යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 248ක් රැස් කර ගත්තා.
එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පර්වේස් හුසේන් එමොන් ලකුණු 67ක් රැස් කළ අතර ටෝහිඩ් හ්‍රිඩෝයි ලකුණු 51ක් රැස්කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 03 දවාගත්තා.
ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්වාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 232ක් පමණයි.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිතී හරඹයක නිරත වූ ජනිත් ලියනගේ පන්දු 85කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුණා.