දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය හමුදාපතිවරයා ජනවාරි මස 7 වන දින දිවයිනට පැමිණි නියමිත බව වාර්තා වනවා.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි (General Upendra Dwivedi) මහතා ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයින් රැසක් මුණගැසීමට නියමිත බවයි.
පුහුණු සහයෝගීතාවය, කලාපීය ආරක්ෂාව ඇතුළු දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
එසේම මෙම සංචාරය අතරතුරදී ඉන්දීය හමුදාපතිවරයා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නිලධාරීන් හමුවීමටත් බුත්තල යුද හමුදා විද්‍යාලයේ නිලධාරීන් සහ පුහුණුවන්නන් මුවීමටද නියමිත බවයි වාර්තා වන්නේ.
එසේම කොළඹ පිහිටි ඉන්දීය සාමසාධක හමුදා ස්මාරකයට උපහාර දැක්වීමටද ඉන්දීය යුද හමුදාපතිවරයා සැලසුම්කර තිබෙනවා.












