දූෂණය මැඩපැවැත්වීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයක් අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අර්බුදවලින් පීඩාවට පත්වු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය වීම ද අත්‍යවශ්‍ය බවයි ඒ මහතා පවසන්නේ.
වරලත් මිනින්දෝරුවරුන්ගේ රාජකීය ආයතනයේ දැක්ම හා ඉදිරි වැඩපිළිවෙල පිළිබද වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු දේශපාලනඥයන්, විද්වතුන්, ක්ෂේත්‍රයේ පිරිස්වල සහභාගීවයෙන් පැවැත්වුණා.
ස්මාර්ට් නාගරික සැලසුම්කරණය, ඉදිකිරීම් අංශය පුනර්ජීවනය, හරිත රාජ්‍ය ප්‍රසම්පාදනය ආදිය පිළිබදව ද විපක්ෂ නායකවරයා මෙහිදි අදහස් දැක්වුවා.
ප්‍රතිපත්ති හා වචන වලට වඩා වැදගත්වන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය බවයි ඒ මහතා පැවසුවේ.
සිමිත රාජ්‍යයේ මූලික අවකාශය පිළිගනිමින් නාගරික ඉඩම් ප්‍රතිසංස්කරණ සහ ආයෝජන පහසුකම් සැපයීම වැනි සැපයුම් පාර්ශවික විසදුම් ද ක්‍රියාත්මක කළ යුතු බවයි ඒ මහතා යෝජනා කළේ.
පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සාධාරණ ප්‍රතිපත්ති සදහා පෙනී සිටින බව ද විපක්ෂ නායකවරයා සාකච්ඡාවේ දී අවධාරණය කළා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














